Saturday, March 07, 2026
Follow Us
ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව ආ තානාපතිවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව ආ තානාපතිවරු තිදෙනෙක් 25 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

ඒ ජනාධිපති මන්දිරයේදීයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලිබියාව යන රටවල තානාපතිවරුන් එලෙස සිය අක්තපත්‍ර භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිවරිය ලෙස ජුලී ජියොන් චන්ග් පත්ව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා වන්නේ ඛාලි නසාර් සුලෙයිමාන්. ශ්‍රී ලංකාවේ ලිබියා නව තානාපතිවරයා ලෙස පත්ව ඇත්තේ නසාර් අල්ෆර්හානියි.

(Neth)