Wednesday, July 09, 2025
Follow Us
බටහිර රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවයි

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමත් සමඟ රුසියාවට එරෙහිව බටහිර රටවල් සම්බාධක පනවමින් තිබෙනවා. බැංකුවල ඇති රුසියානු වත්කම් අත්හිටුවීම, ඉහළ පෙලේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම හා රුසියානු තාක්ෂණික උපකරණ ආනයනය කපා හැරීම ඒ අතරින් ප්‍රධානයි.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දැනටමත් මෙම සම්බාධක පනවා ඇති අතර ඕස්ට්‍රේලියාව සහ ජපානය ද රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමටයි තීරණය කර ඇත්තේ. කැනඩාව ද රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ තවත් රටක් වනවා.

(Neth)