Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානමින්

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසනවා.

මෙරට ආර්ථික දුෂ්කරතාවන් මගහරවා ගැනීමට එලෙස අයෝජනය කිරීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

විදෙස් සංචිත හිගයකින් ශ්‍රී ලංකාව පසුවනවා. ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන සහ විදුලිබල අර්බුදයකටද මුහුණ පා ඇත්තේ මේ හේතුවෙන් බවයි සුබ්‍රමනියම් ජයශංකර් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙන්නේ.

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හරහා ඊට යම් හෝ විසදුමක් ලැබෙනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)