Wednesday, July 09, 2025
Follow Us
ළිං කුහරයක සිරවී සිටින දරුවෙකු බේරා ගැනීමට මෙහෙයුමක් අරඹයි

දින 02 කට ඉහතදී අඩි 33ක් ගැඹුරකින් යුත් ළිං කුහරයකට වැටීමෙන් සිරවී සිටින 09 හැවිරිදි දරුවෙකු ගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු දිග ඇෆ්ගනිස්ථානයෙන්.

හයිදර් නමින් හඳුන්වනු ලබන මෙම දරුවා ළිං කුහරයට වැටී සිටින අයුරු නිරීක්ෂණය කිරිමට කැමරාවක් යොමු කොට තිබෙනවා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ දරුවාගේ ශරීරයේ ඉනෙන් ඉහළ කොටස පමණක් චලනය කිරීමට හැකි අයුරින් ඔහු ළිං කුහරය තුල සිරවී සිටින බවයි.

මේ වන විට සහන සේවකයින් සහ ඇෆ්ගනිස්ථානයේ නව පාලකයින් වන තලෙයිබාන් රජයේ නිලධාරීන් දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

දරුවා සිරවී සිටින ළිඳේ ගැඹුර අඩි 82ක් පමණ බවත් ඔහු රැඳී සිටින්නේ පොලොව මට්ටමේ සිට අඩි 32ක් පමණ ගැඹුරින් බැවින් මුදා ගැනීමේ කටයුතු සිදුකිරීමේ කැනීම් කටයුතු ඉතා කල්පනාවෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතුව ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයෙන් මෙම සිදුවීම වාර්තා වන්නේ මිට සති දෙකකට පමණ ඉහතදී ලොවපුරා අවධානය යොමුවූ රයන් නම් කුඩා දරුවෙකු මොරොක්කෝවේ ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි අඩි 104ක ගැඹුරකින් යුත් ළිං කුහරයක දින 04ක් සිරවී සිට අවසන් හුස්ම හෙලීමේ සිදුවීමෙන් පසුවයි.

(Neth)