Wednesday, July 09, 2025
Follow Us
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන

IOC ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක් ලබාදෙයි


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක් ලබාදී තිබේ.

මෙම ඉන්ධන තොගය ඉන්දීය මහ කොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබාදී ඇත.

අදාළ ඉන්ධන තොගය ඉන්දීය තෙල් සමාගම විසින් සපයා තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ සහකරුවෙකු සහ සැබෑ මිතුරක් බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් කටයුතු කරන බව එම කාර්යාලය සදහන් කරයි.

(Aruna)