Wednesday, July 09, 2025
Follow Us
කට වරදාගත් ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංකට වැඩ වරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ආචාරධර්ම කඩකිරීමේ චෝදනාවකට අදාළව අප්‍රසාද ලකුණක් ලබාදී තිබෙනවා. ඒ, 13 පැවති තරඟයේදී පැතුම් නිස්සංක නොගැලපෙන වචන භාවිත කර ඇති බවට පවසමින්. එය කඬුල්ලේ ඇති මයික්‍රෆෝනයේ සඳහන්ව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.

කිසියම් ක්‍රීඩකයෙකු මාස 24 ක කාල සීමාවක් තුළ අප්‍රසාද ලකුණු 04 ක් හෝ ඊට වැඩියෙන් ලබාගතහොත් ඒවා තරඟ අත්හිටුවීමේ ලකුණක් බවට පත්වනවා. එවැනි අත්හිටුවීමේ ලකුණු 02 ක් කිසියම් ක්‍රීඩකයෙකුට හිමිවුවහොත් ඔහුට ටෙස්ට් තරඟයක් හෝ එක්දින තරඟ දෙකක් හෝ පන්දුවාර විස්සයි 20 තරඟ දෙකකට සමාන වනු ඇති.

(Neth)