Tuesday, April 21, 2026
Follow Us
භානුක රාජපක්ෂ පන්ජාබයට

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දියානු රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ මෙවර IPL වෙන්දේසියේදී අලෙවි වූ පස්වැනි ශ්‍රී ලාංකිකයා වේ.

භානුක ලක්ෂ 50 ක මූලික වටිනාකමකට වෙන්දේසියට ඇතුළත් වූ අතර ඔහු වෙනුවෙන් ලංසු තැබීමට ඉදිරිපත් වූයේ පන්ජාබ් කණ්ඩායම පමණි. ඒ අනුව භානුකට පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

(LNW)