Thursday, July 10, 2025
Follow Us
කැනේඩියානු රැකියා; අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – කැනේඩියානු මහ කොමසාරිස්

2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වන දැන්වීම් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. අදාල රැකියා දැන්වීම්වලට නොරැවටෙන ලෙසයි එම කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවැනි බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙවැනි වංචනියකයන්ට හසු නොවී කටයුතු කරන ලෙසයි.

අන්තර්ජාලය හරහා සිදුවන ආගමන වංචා පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෙනම සබැඳියක්ද නිකුත් කර තිබෙනවා.

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/protect-fraud.html

(LNW)