Thursday, July 10, 2025
Follow Us
වහාම යුක්‍රේනයෙන් යන්න - අමෙරිකානුවන්ට හදිසි නියෝගයක්

යුක්‍රේනයේ සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනුම්දී තිබෙනවා.

ඒ, ඕනෑම මොහොතක රුසියානු හමුදා යුක්‍රේනයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ ඇති වැඩි අවදානම සැලකිල්ලට ගනිමින්.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව යම් හෙයකින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරට සිටින අමෙරිකානුවන් බේරා ගැනීමට සිය හමුදා යෙදවීමක් සිදු නොකරන බවයි.

රුසියානු යුක්‍රේන අර්බුදය යළි කතාබහට මතුවූයේ රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයකට අධික පිරිසක් යුක්‍රේන දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශයට කැඳවීමත් සමඟයි. එහෙත් රුසියාව දිගින් දිගටම පවසන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

මේ අතරතුර අසල්වැසි බෙලරුස් රාජ්‍ය සමඟ රුසියාව දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කර ඇත්තේ ද මෙම උණුසුම්කාරී වටපිටාව මධ්‍යයේ වීම විශේෂත්වයක්.

(Neth)