Wednesday, January 14, 2026
Follow Us
හිටපු ජනපති කොරියාවට යයි

මෛත්‍රීපාල සිරිසේන රට යන හේතුව මෙන්න


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ඊෙය් (09) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සමුළුව දකුණු කොරියාවේ දී (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි .

රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ආරාධනයකට අනුව බව වාර්තා වේ.

(Aruna)