Wednesday, January 14, 2026
Follow Us
ඉන්දීය අගමැති ලංකාවට

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වනවා.

බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා පැවැති හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

එසේම මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජී.එල්. පීරිස් මහතා ආරාධනා කළා.

(Aruna)