Wednesday, January 14, 2026
Follow Us
ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දස වැනි තැනට


ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ.

ඒ මෙතෙක් එම ස්ථානයේ සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින්.

බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 88.5 ක් ලෙසය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඇතුලු ලොව පුරා වරාය රැසක ඔහු විසින් ආයෝජන සිදුකර තිබේ.

කොවිඩ් වසංගත සමයේදීත් ඔහුගේ ආදායම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

සමස්ත ලෝකයම සැළකීමේදී ගෞතම් අදානි ලොව 10 වන ධනවත්ම පුද්ගලයා බවටද පත්වී තිබේ.

(Aruna)