Wednesday, January 14, 2026
Follow Us
මිලියන ගණනක මුදල් සොරකම

හැකරුන් සිදු කළ සොරකමක් එළියට


මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර ඇති බව පර්යේෂකයින් පවසයි.

එම හැකරුන් විසින් උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර එම සොරකම් කිරීම් කර ඇත.

එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට භාරදී ඇති බව වාර්තා විය.

(Aruna)