Wednesday, January 14, 2026
Follow Us
භාරත සිනමාවේ ගීත කෝකිලාවිය දිවිගමනට සමුදෙයි

භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට වයස අවුරුදු 92ක්.

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වය නිසා මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.

එහෙත් ඊයේ දිනයේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යළි පිරිහීම නිසා රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි මුම්බායි බී්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රාටිට් සම්දානි ප්‍රකාශ කළේ.

පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී භාරත් රත්න, සම්මානයෙන් පිදුම් ලැබූයේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමින්.

(Neth)