Saturday, July 12, 2025
Follow Us
19 පහළ ලෝක කුසලානය ඉන්දියාවට

එංගලන්තය පරදා ඉන්දියානුවන් ජය ගනී


ඉන්දීය කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

ඒ, එංගලන්තයට එරෙහිව ඇන්ටිගාහිදී පැවති අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දුවාර 44 යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 189 ක් පමණි.

ලකුණු 190ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක කුසලානය හිමිකර ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දියානු කණ්ඩායමේ රාජ් බාවා ට හිමිවිය.

(Aruna)