Saturday, July 12, 2025
Follow Us
ඇමති ජී.එල්. ඉන්දියාවට

ලබන 6 වැනිදා ඉන්දියාවේදි විශේෂ හමුවක්


විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ දෙදින නිල සංචාරයක් සදහා අමාත්‍යවරයා ඉන්දියාවට බලාපිටත්ව යෑමට නියමිත බවයි.

ලබන 6 වැනිදා ඉන්දියාවේදි පැවැත්වෙන විශේෂ හමුවකට අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතව ඇත.

එම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

(Aruna)