Wednesday, January 14, 2026
Follow Us
රට වහනවද නැද්ද?

තීන්දුව ඔක්තෝම්බර් මාසයේ


ඔමික්‍රොන් ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු නවසීලන්තය ඔක්තොම්බර් මාසය වන තෙක් තවදුරටත් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පියවර 5කින් යුතු සැලැස්මක් අනුව ඉදිරියේ දී රට විවෘත කිරීමට එරට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර නවසීලන්තය විවෘත කිරීමට සූදානම් වී තිබුණේ අප්‍රේල් මාසයේදී.

එරට වැසියන්ගෙන් සියයට 95කටම කොරෝනා එන්නත් මාත්‍රා දෙකකම ලබා දී ඇති අතර, බූස්ටර් එන්නත ද ලබා දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(Aruna)