Wednesday, January 14, 2026
Follow Us
IMF නියෝජිතයින් පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව IMF එකෙන් ඉල්ලූ දේ


වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවය.

මේ අතර ‘ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා (02) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවය.

(Aruna)