Wednesday, January 14, 2026
Follow Us
බොරතෙල් මිල ඉහළට

බැරලයක නව මිල ඩොලර් 91ක්


ලෝක වෙළෙදපොලේ බොරතෙල් බැරලයක මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

ගෙවුනු සතියේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81ත් 83ත් අතර මිලක පැවතිය ද මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 91ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල මෙම මස වන විට අඩු වේ යැයි බලාපොරොත්තු වුවද එහි මිල තවදුරටත් යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් සදහන් කරයි.
මෙම තත්ත්වයත් සමග ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින රටවල් තවදුරටත් අපහසුතාවට පත්වනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

(Aruna)