Saturday, July 12, 2025
Follow Us
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා.

ඒ, දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 232ක් රැස් කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 113ක් රැස් කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ 04 පහර 09ක් ඇතුළත් වුණා. රනුද සෝමරත්න නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

පිළිතුර ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 167ක් පමණයි. එහිදි ටේ්‍රවීන් මැතිව්, ශෙවොන් ඩැනියල් සහ රවින් ද සිල්වා කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

(Neth)