Wednesday, July 02, 2025
Follow Us
Gmail සේවය බිඳ වැටෙයි

සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා.

පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail සේවාව හරහා විද්‍යුත් ඊමේල් යොමු කිරිමට නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් Gmail තාක්ෂණික හා පාරිභෝගික සේවා අංශය සටහනක් තබමින් තහවුරු කර සිටින්නේ එවැනි තාක්ෂණික ගැටළුවක් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින බවයි

(Neth)