කොම්පඤ්ඤවීදීය ගුවන් පාලම හැකි ඉක්මනින් නිම කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබද ගුවන් පාලමේ ඉදි කිරීම් අතරමඟ නැවතී තිබීම හේතුවෙන් රු. මිලියන 400 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදු ව ඇති බවත් ගෙවෙන දිනයක් පාසා ලක්ෂ 05 බැගින් විශාල නාස්තියක් සිදු වන බැවින් වහාම මෙය විසදිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගුවන් පාලමේ ඉදිකිරීම් අතරමඟ නැවතී තිබීම සම්බන්ධයෙන් අද විශේෂ නීරීක්ෂණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා සහ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙම ප්‍රමාදයට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගැනීමට ද තීරණය විය.
මෙකී ප්‍රමාදය කර මේ වසර අවසන් වන විට කෙසේ හෝ පාලම ඉදි කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.