Wednesday, August 19, 2026
Follow Us
ලිට්‍රෝ  සහ ලාෆ්ස් ගෑස් මිල පහළට

අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල පහළ දමා තිබේ.

ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988කි.

පහළ දැමූ ලිට්‍රෝ ගෑස් මිල අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,465කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 835කි.