නගර සංවර්ධනය යටතේ සිදු කෙරෙන CITY BRANDING ව්යාපෘතියේ පළමු අදියර යටතේ නගර 4 ක් සංවර්ධනයට තෝරාගෙන තිබේ.
ඒ අනුව අනුරාධපුර, කතරගම, නුවර සහ කොළඹ යන නගර සන්නාමකරණ ක්රියාවලිය යටතේ ගොඩනැගෙන අතර මෙම ව්යාපෘතිය හරහා සංචාරක ආකර්ශණය වැඩි වශයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.
ටෙන්ඩර් ක්රියාවලියට අනුකූලව මේ වන විටත් උපදේශන සේවා සමාගම් හතරක් තෝරාගෙන ඇති අතර ඔවුන් විසින් එම ප්රදේශයන් නිරීක්ෂණය කොට අවට ප්රදේශවාසීන් ගේ සහ වෙනත් පරිපාලන ආයතන සමග සාකච්ඡා කොට ඒ ඒ නගර වෙනුවෙන් සිදුකිරීමට නියමිත සන්නාමකරණ වැඩසටහන අදාළව පළමු වාර්තාව ඊයේ (1) ඉදිරිපත් කර තිබුණා.