Wednesday, August 19, 2026
Follow Us
මැයි මාසයේ කොළඹ උද්ධමනය ඉහළට

මේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමනය වාර්තා වී තිබුණේ 5.5%ක් ලෙසයි.

2026 ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මැයි මාසයේදී වාර්තා වූයේ 0.9%ක් ලෙසය.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ද ජූනි මාසයේදී 8.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2026 මැයි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා විය.