Monday, December 16, 2024
Follow Us
වසර 37කට පසු ආසියානු බොක්සිං වළල්ලේ පදක්කමක්
වසර 37කට පසු ආසියානු බොක්සිං වළල්ලේ පදක්කමක් දිනා ගත් පළමු ක්රීඩකයා ලෙස උමයංග මිහිරාන් පසුගියදා වාර්තා පොත අලුත් කිරීමට සමත් විය.
 
තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං සම්මේලනයේ එලයිට් බොක්සිං ශුරතාවලියේ කිලෝග්රෑම් 51ක බර පන්තිය නියෝජනය කළ මේ 21 හැවිරිදි ක්රීඩකයා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් එසේ අලුත් කරනු ලැබුවේ 1987 වසරේ කුවේට් රාජ්යයේදී පී.එල්.ජේ. රත්නායක කිලෝග්රෑම් 54 බර පන්තියෙන් අත්කර ගත් ලෝකඩ පදක්කමේ වාර්තාවයි.