Friday, October 25, 2024
Follow Us
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිනිය හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ(24)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ගැටළු පිළිබඳ මෙහිදි අග්‍රාමාත්‍යවරිය සිය අවධානය යොමු කළ අතර යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම වෙනුවෙන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි සැලැස්ම අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද සිදු විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් ප්‍රභාත් සුගතදාස යන මහත්වරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.