අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.
අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ අද (26) පැවති 'ජයගමු ශ්‍රී ලංකා' වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය.
දේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුකෙරිණ.
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමිනි.
නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවිජනතාව සූදානම් කිරීම බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද (23) අභාවප්‍රාප්ත වී තිබේ.
රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?
වැඩිදුර තොරතුරු ලබාගැනීමට රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී 26 සහ 27 පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට එන්න
පොත් කියවීමේ ප්‍රීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය අදට (23) යෙදී තිබේ.
පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.
දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.
Page 3 of 665