Thursday, May 16, 2024
Follow Us
Social and Equity

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි "මග නැගුම මහ මැදුර" පරිශ්‍රයෙහි හත්වැනි මහලෙහි විවෘත කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම  ඊයේ (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

Social and Equity
  • පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව.
  • අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ශිෂ්‍යත්ව වැඩසටහනක් – 2024 මැයි 22 දිනට පෙර අයදුම් කරන්න ජනාධිපති අරමුදලෙන් ඉල්ලීමක්.
Social and Equity

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්‍ය මඟින් පළ කර ඇති පුවත් අසත්‍ය බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

Social and Equity

Eco Balm, an Ayurvedic product manufactured by Eco Ceylon Global Ltd., has been recognised as the Most Popular Pain Relief Balm of the Year at the Golden Inmediens Awards 2023. 

Social and Equity

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.

Social and Equity

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින්  පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකළ වැඩසටහනක්  ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පැවැත්විණි.

මනා සිහිය සහ නිසි අවධානය වර්ධනය කිරීම සඳහා දීප ව්‍යාප්තව පොලිස් කොට්‌ඨාසාවරණය කරමින් මෙම වැඩසටහන සිදුකරන බව සදහන් වේ.

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් තවත් ස්වාමීන් වහන්සේලා සිව්නමක් විසින්  වැඩසටහන සිදුකල අතර , පොලිස් විද්‍යාලයේ පුහුණුව හදාරන නිලධාරීන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් වැඩසටහනට සහභාගි වූහ.

Social and Equity

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන "UAE Athletics Grand prix 2024" තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

Social and Equity
  • අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.
Social and Equity

ආනයනික පලතුරු පිළිබඳව

01) පළතුරු ගෙඩියෙ බර අනික් එවාට සාපේක්ෂව බර වැඩි නං.
02) පැහැය ඇපල් ගෙඩියක නං රතු,කොළ පාට නං.
දොඩම් කහා,හෝ තැබිලි පාට නං.
03) සුවද පරික්ෂා කිරිමේන් ආවෙනික සුවද නං
04) තැලිලා පොඩි වෙලා,මිරිකෙන ස්භාවය නැත්නම්.
මෙම පලතුරු සුදුසු තත්වයක තිබේ.

Social and Equity

රුපියල් කෝටි 15ක පමණ  වටිනාකමකින් යුත්  හෙරොයින්, හෑෂ් හා කොකේන් මත්ද්‍රව්‍ය හා මුදල් ලක්ෂ 15ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කරයි.

Social and Equity
ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමාන කාර්යසාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.
මෙහිදී පැමිණි නිලධාරීන් මෙම දත්ත පද්ධතිය 2012 වසරේ ආරම්භ කළද තවමත් අපේක්ෂිත ක්රියාකාරී මට්ටමට ලඟා වී නොමැති බව පෙන්වා දුන්නේය.
Social and Equity

‘දීඝවාපි’ සෑ රදුන්ගේ ධාතු ගර්භයෙහි ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම පිලිබඳ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.

Social and Equity

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගියදා (03) සිදු කෙරිණි.

Social and Equity

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (04) ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කරන්දෙණිය, ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.