Friday, August 14, 2026
Follow Us
අද පස්වරු 2.00 සිට මුහුදු වටා කාලගුණය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ පිළිබඳව අද (02)  ප.ව. 2.00 ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැසි තත්ත්වය:

ත්රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
 
සුළඟ:
කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්රදේශ වල සුළං නිරිත දෙසින් හමා එන අතර සෙසු මුහුදු ප්රදේශ වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
 
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්රදේශ සාමාන්ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා විය හැක
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.