Tuesday, April 23, 2024
Follow Us
කණ්ඩායම් 05ක් අද මොනරාගලට යයි 

ගොයම් කහ වීම ඇතුළු මෙවර මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිතව වාර්තා වී ඇති රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්කවලින්  ගොවි ජනතාව විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට පැමිණිලි  ලැබී තිබේ.

ඒ අනුව එම පැමිණිලි  පරීක්ෂා කිරීම සඳහා වහාම කණ්ඩායම් පිටත් කර හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව එම මණ්ඩලයේ කණ්ඩායම් 05ක් පසුගිය සතියේ මඩකලපුව දිස්ත්‍රික්කයට ගොස් ලැබුණු  පැමිණිලි  අනුව වගාවන් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති පැමිණිලි  අනුව වී වගාවන් පරීක්ෂා කිරීම සඳහා අද (02)  කණ්ඩායම් 05ක් යොදවා තිබෙන අතර අද පෙරවරුවේ සිට එම දිස්ත්‍රික්කයේ වී වගාවන් පරීක්ෂා කිරීමට නියමිතය.

 එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂණ කණ්ඩායම් 05 බැගින් අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන් වෙත ද යොමු කිරීමට සැලසුම් කර ඇත.