Sunday, February 08, 2026
Follow Us
නානුඔය සහ බදුල්ල අතර නව දුම්රිය ගමන්වාරයක්

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ පවතින අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බවයි.

එය අගහරුවාදා දින හැර සතියේ අනෙක් සෑම දිනකම 514 මැදිරි කට්ටලයක් සමඟින් ධාවනය වීමට නියමිතව තිබේ .

මෙම දුම්රිය පෙරවරු 08.10ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන පස්වරු 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.