Friday, September 27, 2024
Follow Us

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සහ “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රාහක ශක්තිය ඇතිව තෙවන වරටත් සංවිධානය කරනු ලබන මොන්සුන් මොන්සුන් කුසලාන කාන්තා හා පිරිමි ගොල්ෆ් තරඟාවලිය, 2024 සැප්තැමබර් මස 28 සහ 29 වන දින ත්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීන වරාය ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හි දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කළ දින සිට මේ දක්වා දිවයිනේ සාම ප්‍රද්දෙශයක්ම නියෝජනය කරමින් (2024 සැප්තැම්බර් මස 25 වන දින දක්වා) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනකුට අධික පිරිසක් සිය ලියාපදිංචිය තහවුරු කර ගෙන ඇති අතර ඊගල්ස් මොන්සුන් ආරක්ෂක අභියෝගතා කුසලානය වෙනුවෙන් තරඟවැඩිම සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් ද මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසාලන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 29 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හි දී පැවැත්වීමට නියමිතව තිබේ.