Thursday, March 28, 2024
Follow Us
වගා හානි ඇත්තනම් වන්දි ලබාදීමට සූදානම් - කෘෂිකර්ම අමාත්‍යාංශය

වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති  අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබේ.

ඒ සඳහා ගොවීන් විසින් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය විසින් එම මුදල ගෙවනු ලබයි. නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ  හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6,400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම්  වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකිවේ. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

2021 මහ කන්නයේ දී වගා හානි වූ  ගොවින්ට රජය විසින් වගා හානි වන්දි  යටතේ රුපියල් රුපියල් මිලියන 1570ක් මේ වනවිට ගෙවා තිබේ.

වගා හානි සිදුවන  බෝග වර්ග 06කට රජය විසින් අක්කරයකට රුපියල් 40,000ක් බැගින් වන්දි මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ආරම්භ කරන ලද මෙම වන්දි ක්‍රමය යටතේ වී, මිරිස්, බඩඉරිඟු, ලූනු හා අර්තාපල් හා සෝයා බෝංචි සඳහා එම මුදල් ලබා දීමට පියවර ගෙන ඇත.

2023 මහ කන්නයේ දී ගොයම් කහ පැහැතිවීම ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දෙන වන්දි මෙන්ම හානි සිදුවී ඇති සමස්ත කුඹුරු ප්‍රමාණය සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.