Saturday, July 12, 2025
Follow Us
ශ්‍රී ලංකාව සඳහා ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් චෝ හුයි චෝල් මැතිතුමා ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 දෙසැම්බර් 22 වැනි දින