Tuesday, January 13, 2026
Follow Us
ශ්‍රී ලංකාව සඳහා බොට්ස්වානා ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා බොට්ස්වානා ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් ගිල්බට් ශිමේන් මැන්ගෝල් මැතිතුමා බොට්ස්වානා ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 දෙසැම්බර් 22 වැනි දින