දිවයිනේ දිස්ත්රික්ක 25 ටම බලපා ඇති දිට්වා සුළිසුළං හා ගංවතුර තත්වය යටතේ සිදුවී ඇති වගා හානි සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කඩිනම් හානි පූර්ණ ක්රියාවලියක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ් අනුව දැනට පවතින තත්වය යටතේ ඉහත වගාවන්වලට සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්
හානි වාර්තා කිරීම සඳහා මාසයක කාලයක් පවතින බැවින් අදාළ ක්රියාමාර්ග කඩිනමින් ගෙන වන්දි මුදල් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දිවයින පුරා පවතින ගොවිජන සේවා මධ්යස්ථාන මඟින් හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්රික් කාර්යාල හා ශ්රව්ය දෘශ්ය මාධ්ය මඟින් හැකිතාක් ගොවීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම, සෙසු වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධව ද වගාව පිහිටි ස්ථානයට අදාළ ගොවිජන සේවා මධ්යස්ථානයේ පවත්වාගෙන යනු ලබන හානි වාර්තා කිරීමේ පොත්වල සටහන් කිරීම ගොවි මහතුන් විසින් සිදුකළ යුතුවේ.
මීට අමතරව හානි දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා ගැටලු සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය වන 1918 මඟින්ද ගොවීන්ට සම්බන්ධ වීමට පහසුකම් සලසා ඇත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව මෙම වගා හානි වන්දි ගෙවීමේ ක්රියාවලිය සිදුකරනු ලැබේ.