Saturday, July 19, 2025
Follow Us
කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය සැමරේ
කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය (74th Anniversary celebration of the Colombo Plan) විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (18) කොළඹදී පැවැත්විණි.

පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්ය කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම සඳහා රජය පුළුල් පරාසයක ආයතනික ප්රතිසංස්කරණ සිදු කරමින් සිටින බව මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්ය විජිත හේරත් මහතා පෙන්වා දුන් අතර, මෙරට තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් පූර්ව මැදිහත්වීම්, දැනුවත් කිරීමේ ව්යාපාර සහ ප්රජා පාදක පුනරුත්ථාපනය සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් මහතා,කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, අතිගරු ජූලි චුන්ග් මැතිනිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.