Sunday, July 12, 2026
Follow Us
කබ්රාල් මහ බැංකු අධිපතිකම අතහරී

කබ්රාල් ඉල්ලා අස්වූ හේතුව මෙන්න


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් අද (04) පෙරවරුවේ ඉල්ලා අස්විය.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින් තමා ද මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා ඇති බව එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)