Thursday, March 28, 2024
Follow Us
3 සහ 4 දෙදින කොළඹ  විශේෂ රථවාහන සැලැස්මක්

75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් ලබන 3  සහ 4 දෙදිනකොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රථවාහන, රොෂාන් විජේසිංහ මහතා පැවසීය.

අද(02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රොෂාන් විජේසිංහ මහතා මේ බව පැවසීය.

ගාලුපාර, බම්බලපිටිය, බාලදක්ෂ මාවත හංදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස හෙට (03) උදෑසන 9.30 සිට පුහුණුවීම් සඳහා වසා තැබෙන බවත් පුහුණුවීම් අවසන් වී දහවල් 12.30 පමණ වන විට නැවත මාර්ගය විවෘත කරන බවත් රොෂාන් විජේසිංහ මහතා පැවසීය.

නැවතත් හෙට පස්වරු 2.00 සිට නිදහස් උත්සවය අවසන් වන තුරු ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වා උත්සවයෙ පැවැත්වෙන කොටසේ මාර්ගය වසා තැබේ.

උත්සවය පැවැත්වෙන අනිද්දා (4) උදෑසන 5.00 සිට උත්සවය අවසන් වන තෙක් බම්බලපිටිය දුම්රියපොළ  හන්දියේ සිට මුහුදු මාවත කොටස මාර්ගය වසා තැබේ. මාර්ග වසා තැබෙන එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට , ව්‍යාපාරික ස්ථාන වලට, කාර්යාලවල සේවක පිරිසට කිසිදු බාධාවක් නොවන පදිරි රථවහන ගමනාගමනය සීමා කර ඇති බවද රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම ප්‍රදේශ වල පදිංචිකරුවන් සහ ගුවන් තොටුපළ,රෝහලකට වැනි විශේෂ කාර්යයක් සඳහා යන මහජනයා වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර කටයුතු කර ඇති බවත් මහජනතාවට අවහිරයක් නොවන පරිදි මෙම කටයුතු සංවිධානය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

උත්සවය පැවැත්වෙන කාල සීමාව පුරා, ප්‍රභූවරුන් සහ මහජනතාව වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇත.  එහෙත් යම් යම් හඳුනාගැනීම් සහ පරීක්ෂා කිරීම් සඳහා සහාය ලබා දෙන ලෙස ඔහු  මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.