බනින්නට දැන් වාරු නෑ බන් - පියන් සතරක කාමරේ
ගෙදර බර මගෙ කරෙන් ගිලිහී - මතට වැටුනද පුතෙ උබේ
වැදූ ගෙයි මුල් පදයෙනුයි මගෙ - නැවතුනේ හද අද නොවේ.
උබේ උරහිස ගනකමයි දැන් - ඒක දැනුනේ යන වෙලේ.
දැවෙන චිතකයෙ රස්නෙ මදිවට - උබේ ඇස් අද දියවෙතේ.
නොයන ගමනට ඇරලවන්නට - වරෙන් පුතෙ උබ පන මගේ.
අවසරයි දැන් තනිව යන්නට - රැකගනිම් මගෙ ආදරේ.
අම්මගෙ ආදරේ විනිවිද දැක්ක අපිට.
තාත්තගෙ ආදරේ දැක්කෙ අපි කොන්දගෙ රුපියල වගේ..
>> කොන්දගෙ රුපියලත් තියනව කියල දන්නවා,
අපිට ඒක අයිති කියලත් දන්නවා.
ලැබෙන්න ඕනෙ කියලත් දන්නවා,
ඒත් ඒක හැමදාම කොන්ද පරිස්සමට එයා ළඟ තියාගත්ත..
මතක තියාගන්න "සාජහන් ටච්මහල හැදුවට, මුන්ටාස් ඒක දැක්කෙ නෑ.!!
*පේන කාලෙ දැනෙන කාලෙ එකපාරක් හරි තාත්තට ආදරේ කියන්න.
-Janisha Nethmal