ලිස්සා වැටෙයි
ඇස් අඳුරේ අතගාන...
ගස්සා බලයි
රස්සා කරන්නට බෑ
නා දළු හීන...
පිස්සා වගේ වැටුනෙමි
ලඟ හඳපාන...
පෙම්වතිය
ගැස්සී නිතඹ
අත වැනුවත් රහසේම...
ඉස්සී බලන හසඟන
සඟවනු කොහොම...
දිස්සී දෙතොල් මත
හසරැලි පෙර සේම...
පිස්සී වුණත් කුළුඳුල්
මල්පෙති තාම...
පෙම්වතා
රත්වී සිතුම් සියොතුන්
ඉගිලෙයි බොහොම ...
මත්වී මහද මුදුනේ
සුතුරකි කාම...
පත්වී නුඹත් ලිස්සා
වැටුනොත් කෝම...
රොස්වී දුවාපං
මේ පෙම් වැස්සේම...
පෙම්වතිය
පත්වී අනන්තය
තෙක් යන අඩි පාර...
තෙත්වී සිටින්නෙමි
ගනු බෑ මට තෝර...
මත්වී දෙනෙත්
මොනවද හෙව්වේ පීර...
රොස්වී දුවන්නේ
කොහොමද අත නෑර...
පෙම්වතා
ඉවසන්නද සඳක්
නෙත් මත නැගුනාම...
රවටන්නද අදත්
පහසක් නොලබාම...
සඟවන්නද දෙනෙත්
ලොබිනා විඳි කාම...
රැවටෙන්නද මටම
දඬුවම් දෙමි මාම...
පෙම්වතිය
සකි සඳ සඳක්
දුර අහසේ පිපුනාම...
නොකිපෙද සිත්තරුන්
කවියන් නොකියාම...
රකිනෙද සයනයට ගෙන
සුතුරෙන් කාම...
විකිනෙද මමත්
ඇස් සල්පිල් වල බෝම...
පෙම්වතා
බොළඳයි ප්රියේ
නුඹ හරි බොළඳයි තාම...
වළදයි මිනිස් සිත
වළදයි කුණු රහම...
පළඳයි හිනා
ඇතුලෙන් උතුරයි කාම...
විරලයි ලොවේ
සදහම් සිතුවිලි සාම...
පෙම්වතිය
පෙරලෙයි පොතේ
පිටු කියවා නැති තාම...
සරලයි වුණත්
විරලයි අප හමුවීම...
දුරලයි සිතේ
සංකා මේ ගතු කීම...
පරලයි දෙසිත්
සුදුසුයි ආපසු යාම...
... ශ්රීමතී වල්පොල ...