Monday, April 29, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ විශේෂ කතිකාවක්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගයන් සම්බන්ධ වූ විශේෂ කතිකාව පසුගියදා කොළඹදී පැවැත්වුණි.

තිරසාර සංවර්ධන කවුන්සිලය ( Sustainable Development Council ) , UNESCAP සමග සහයෝගීතාවයෙන් සංවිධානය කළ මෙම අවස්ථාව මගින් cross-sectoral සහ cross-agency consultative process ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවේ SDGs සඳහා පුද්ගලික අංශයේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනු ලබයි.

නියෝජිතායතන උපදේශන ක්‍රියාවලියන් , යෝජිත උපායමාර්ගයේ ප්‍රධාන අංගයන් ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳව සාකච්ඡාවන් මෙම අවස්ථාවේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, දේශගුනික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, තිරසාර සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රී සපරමාදු , ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ප්‍රමුඛ රාජ්‍ය හා පුද්ගලික අංශය , සංවර්ධන හවුල්කාර ආයතන, සිවිල් සමාජ සංවිධානයන්හි නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

 

1 5

1 3

1 4

1 2